වීඩියෝ: ජනපති අද රාත්‍රී 11.30 ට ජගත් මහ සමුළුව අමතයි.

Tuesday, 24 September 2013 - 19:05

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A++%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+11.30+%E0%B6%A7+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.

ඇමරිකාවේ පස්දින නිළ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.30 ට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වන සැසි වාරය ඇමතීමට නියමිතව තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්, ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, ප්‍රංශයේ ජනාධිපති ප්‍රංශුවා හොලන්ඬේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ ආරම්භක සැසිවාරය ඇමතීමට නියමිතයි.

2006 වසරේ දී ප්‍රථමවරට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතූ අතර, අද එය අමතන්නේ 6 වන වරටයි. අවසන් වරට 2011 වසරේ දී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලැබුවා. ජනාධිපතිවරයා නිව්යෝක් නුවර රැදී සිටින කාලය අතරතුර එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතයි.  
 
මේ අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසිවාරය ඇමතීමෙන් අනතුරුව නිව්යෝක් නුවර සිට ට්විටර් සමාජ වෙබ් අඩවිය ඔස්සේ අසන ප්‍රශ්නවලටද පිළිතුරු ලබාදෙනු ඇති. ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.30 සිට පැය භාගයකට ආසන්න කාලයක් මෙම සංවාදය පැවැත්වෙනු ඇති බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories