සමාව දිය නොහැකියි. - ඡන්ද කොමසාරිස්.

Wednesday, 25 September 2013 - 7:46

%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ තිබී හමුවූ ඡන්ද පත්‍රිකා තොගය සම්බන්ධයෙන් කිසිවෙකුටත් අසාධාරණයක් නොවන අයුරින් කටයුතු කිරීමට වග බලාගන්නා බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. කොමසාරිස්වරයා සඳහන් කළේ අදාළ මධ්‍යස්ථානයේ සිටි සියලූ නිලධාරීන්ට එරෙහිව තමාට ලැබී ඇති බලතල අනුව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

 

පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ පිහිටි ගණන් කිරීමේ මධ්‍යස්ථානය තුළ තිබී ගණනය කරන ලද ඡන්ද පත්‍රිකා තොගයක් සොයාගත්තේ ඊයේ (24) පස්වරුවේයි. ප්‍රදේශවාසීන් විසින් මෙම ඡන්ද පත්‍රිකා තොගය සොයාගෙන තිබෙනවා.  ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී එම්. කිංස්ලි ප්‍රනාන්දු ඇතුලූ මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි අදාළ නිලධාරීන් එම ස්ථානයට පැමිණියා. එහිදී මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සහ තේරීම් භාර නිලධාරිවරයා අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට මෙවර අපේක්ෂකයින් 9 දෙනෙකු තේරී පත්වූ අතර නවවන ස්ථානය දිනාගත් අශෝක වඩිගමංගාව ඇතුලූ පිරිස මෙහිදී දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයාට සිය විරෝධතාවය  දැඩිව පළ කළා.

 

කෙසේ වෙතත් ඊයේ පස්වරුව වනවිට එම ස්ථානයට මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය ඇතුලූ නිලධාරීන් කණ්ඩායමක් පැමිණියා. මේ එම අවස්ථාවේදී මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සහ කොමසාරිස්වරයා අතර ද සංවාදයක් ඇති වුණා. කොමසාරිස්වරයා එහිදී කියා සිටියේ මෙම ගැටළුව සඳහා සාධාරණ විසඳුමක් ලබාදෙන බවයි.   

 
පසුව ඇතිවී ඇති සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් විමසීමක් කළා. එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළේ එම මධ්‍යස්ථානයේ මැතිවරණ රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඔවුන් සමාව දිය නොහැකි වරදක් සිදුකර ඇති බව ප්‍රකාශ කළ ඔහු අවශ්‍ය වුවහොත් අධිකරණ නියෝගයක් මත මනාප යළි ගණන් කරන බව ද අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories