13 බලාත්මක කරන්න. - ඉන්දියාව ඉල්ලයි.

Wednesday, 25 September 2013 - 12:38

13+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92.

ලක් රජය විසින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවට ඉන්දීය රජය නැවත වතාවක් අවධාරණය කර තිබෙනවා. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ උතුරේ මැතිවරණය සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව රජය ජාත්‍යන්තරයට පොරොන්දු වූ පරිදි 13 වන සංශෝධනය ක්‍රියාවට නැංවිය යුතු බවයි. 13 වන සංශෝධනය හෝ ඊට එහා ගිය විසඳුමක් සම්බන්ධයෙන් ලක් රජය ලබා දුන් පොරොන්දු ඉටු කිරීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව ද එහි සඳහන්. ලක් රජය උතුරේ මැතිවරණය පැවැත්වීමෙන් ජාත්‍යන්තරයට වූ පොරොන්දුවක් ඉටු කර ඇති බව ද ඉන්දීය රජය සඳහන් කර තිබෙනවා. පසුගියදා නිමාවට පත් වූ මැතිවරණයේදී ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමේ යහපත් ප්‍රවණතාවක් පැවති බව ද එහි සඳහන්.

 

දෙමළ ජාතික සන්ධානය සහ රජය මැතිවරණයෙන් පසුව, එක්ව කටයුතු කිරිම සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රකාශ නිකුත් කර ඇති බව ද ඉන්දීය රජය පවසනවා. මෙලෙස දෙපාර්ශවයම එක්ව කටයුතු කිරීමෙන් උතුරේ ජනතාවගේ ගැටලූ විසඳීමට හැකි වනු ඇති බවයි ඉන්දීය රජයේ අදහස වී ඇත්තේ. එමෙන්ම, ඒ සඳහා සිය සම්පූර්ණ සහය ලබාදෙන බව ද ඉන්දීය රජය එම නිවේදනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

 

මේ අතර, ලබන ඔක්තෝම්බර් මාසයේදී ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා. ඒ අනුව, ඔහු ඔක්තෝම්බර් 7 වැනිදා දින දෙකක සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙනු ඇති. එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයා, ජනාධිපති මහින්ද රාජපක්ෂ, රජයේ ඇමතිවරුන් සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් මෙන්ම උතුරේ මහඇමති අපේක්ෂකයා ලෙස තේරී පත්ව ඇති සී.වී.විග්නේෂ්වරන් ද හමුවීමට නියමිතයි.

 
මේ අතර, ඉන්දීය විදේශ අමාත්‍ය මන්මෝහන් සිං පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට බොහෝදුරට සහභාගි නොවනු ඇති බව ඉන්දීය රජයේ අමාත්‍යවරයෙකු වන වී.නාරායන සාමි ප්‍රකාශ කර තිබෙනවා. තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවලින් සමුළුවට සහභාගි නොවන ලෙස අගමැතිවරයාට ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බවයි ඔහු සඳහන් කළේ. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඉතා නුදුරේදීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නිල ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories