වීඩියෝ : ජනපති සහ ජගත් මහලේකම් අතර හමුවක්.

Wednesday, 25 September 2013 - 12:42

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව ඇති කිරීම සඳහා ඉතිරිව ඇති අභියෝගවලට විසඳුම් ලබාදීමේදී ඒවා සමස්තයක් ලෙස සලකා කටයුතු කිරීම වැදගත් බව ජගත් සංවිධාන මහලේකම් බෑන්කී මූන් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න විසඳීමට වඩා පොදුවේ විසඳීම වඩා සුදුසු බවයි. මහලේකම් බෑන් කී මූන් මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඊයේ (24) පැවති හමුවකදීයි. එක්සත් ජාතීන්ගේ 68 වන මහ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මේ වනවිට නිව්යෝක් නුවරට ගොස් ඇති අතර, ඊයේ කටාර් සහ කුවේට් රාජ්‍යවල නායකයන් ද හමුවුණු බව ජනාධිපති ප්‍රකාශක සහ ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළා.

 

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් අතර සිදුවූ හමුව පිළිබඳ තොරතුරු වාර්තා කර තිබුණේ ජගත් සංවිධාන නිල වෙබ් අඩවියයි. යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී මහලේකම්වරයාව දැනුවත් කර තිබෙනවා. උගත් පාඩම් කොමිසමේ නිරදේශ ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර සහ උතුරේ ඡුන්දය පිළිබඳව ද එහිදී අවධානය යොමුවුණු බව සඳහන්.

 
මේ අතර, ජගත් මානව හිමිකම් මහකොමසාරිස් නවනීදන් පිල්ලේ ද අද ජිනීවාහි දී ජගත් මානව හිමිකම් මණ්ඩල 24 වන සැසිවාරය අමතන අතර, එහිදී ඇයගේ ශ්‍රී ලංකාව සංචාරය පිලිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගත් යෝජනාව පිළිබඳව වන ප්‍රගතිය එහිදී මූලික වශයෙන් අනාවරණය කෙරෙනු ඇති.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories