ඡන්දය යලි පවත්වන්නේ අධිකරණ නියෝගයකින් පමණයි. - මැ.කො.

Wednesday, 25 September 2013 - 12:44

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%B8%E0%B7%90.%E0%B6%9A%E0%B7%9C.


පුත්තලම දිස්ත්‍රික්කයට අදාළව යළි මැතිවරණයක් පැවැත්විය හැක්කේ අධිකරණ තීන්දුවක් ලැබුණහොත් පමණක් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සඳහන් කළා. පුත්තලම ශාන්ත ඇන්ඩෘ විද්‍යාලයේ තිබී ඡන්ද පත්‍රිකා තොගයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී මාධ්‍ය හමුවක් අද (25) කැඳවා තිබුණා. එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කළේ මෙමගින් මනාප ප්‍රතිඵලයට හෝ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට බලපෑමක් එල්ල නොවන බවයි. මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සිද්ධිය සම්බන්ධයෙන් දක්වන විරෝධය සාධාරණ බවද මැතිවරණ කොමසාරිස්වරයා මෙහිදී ප්‍රකාශ කළා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ඊට අමතරව පොලිස්පතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories