ඡන්දය යලි පවත්වන්නැයි ඉල්ලා පුත්තලමේ උපවාසයක්.

Wednesday, 25 September 2013 - 12:47

%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය අවලංගු කර යලිත් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලමින් ජනසෙත පෙරමුණේ සහ සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ අපේක්ෂකයන් තුන් දෙනෙකු මේ වනවිට උපවාසයක නිරත වනවා. ඒ පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටයි. මෙලෙස උපවාසයේ නිරත වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් වයඹ පළාත් සභාවට තරඟ කළ නීල් සිරිවර්ධන සහ ජනසෙත පෙරමුණෙන් තරග කළ එස්.චන්ද්‍රසේන යන දෙදෙනායි.

 

මේ අතර, ඔවුන්ට සහය දක්වමින් ජාතික හෙළ උරුමයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂකයෙකු සහ මුස්ලිම් කොංග්‍රසයෙන් පළාත් සභාවට තරඟ කළ අපේක්ෂකයෙකු ද එම ස්ථානයේ රැදී සිටිනවා.

 
මේ වනවිට සොයා ගත් එම ඡන්ද පත්‍රිකා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් ඇති බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories