පුතාට ගැසූ විදුහල්පති අල්ලන්නැයි මන්ත්‍රී පියා උපවාසයක.

Wednesday, 25 September 2013 - 18:58

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A.



තම පුත්‍රයාට පහරදුන් නියෝජ්‍ය විදුහල්පති පොලිස් භාරයට ගන්නා ලෙස ඉල්ලමින් තණමල්විල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වසන්ත ප්‍රසන්න මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා. සෙවණගල - කොවුල්ආර මහා විද්‍යාලය අසල පිහිටි ගසක් මතට නැග ඔහු මෙම උපවාසය ආරම්භ කළේ එම පාසලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලක්ෂිත දිල්ෂාන් නැමති තම පුත්‍රයාට නියෝජ්‍ය විදුහල්පතිවරයා පහරදුන් බවට චෝදනා කරමින්.  සිද්ධිය සම්බන්ධයෙන් සෙවණගල පොලීසියට පැමිණිල්ලක්ද ලැබි තිබෙනවා. පොලීසිය කියා සිටියේ සැකකාර නියෝජ්‍ය විදුහල්පති ඊ.ඒ. චන්ද්‍රසේන නැමැත්තා ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories