ජනපති කුවේට්, කටාර් අගමැතිවරු හමුවේ.

Wednesday, 25 September 2013 - 19:05

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B6%A7%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.



එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වන සැසිවාරය සඳහා සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටාර් සහ කුවේට් අගමැතිවරුන් හමුවී ද්විපාර්ශවික සාකච්ඡා පවත්වා තිබෙනවා. ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ කුවේට් අගමැති ෂේක් ජබර් මුබාරක් අල් - හමඞ් අල් - සබා සමග දෙරට අතර සහයෝගීතාව තවත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පුළුල් ලෙස සාකච්ඡා කළ බවයි. එමෙන්ම කටාර් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය එමීර් ෂේක් තමිම් බින් හමඞ් අල් - තානි හමු වී අංශ කිහිපයක් සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බවයි ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය එකකය කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඊයේ ජනාධිපතිවරයා විසින් අමතනු ලැබුවා. එමෙන්ම ජගත් මහ ලේකම් බෑන් කී මූන් සමගද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සාකච්ඡා කළා. අද දිනය තුළද ජනාධිපතිවරයා තවත් රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories