කරූ ජයසූරිය එ. ජා. ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට.

Thursday, 26 September 2013 - 7:35

%E0%B6%9A%E0%B6%BB%E0%B7%96+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%91.+%E0%B6%A2%E0%B7%8F.+%E0%B6%B4.+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7.

පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කර තිබෙනවා. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. ඊට අදාළ ලිපිය මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරිය වෙත යොමු කර ඇති බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තාවන්නේ. ඒ අනුව කරූ ජයසූරිය මන්ත්‍රීවරයාට පක්ෂයේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය පිළිබඳ වගකීම් පිරිනැමෙනු ඇති. පාර්ලිමේන්තු මන්ත්‍රී කරූ ජයසූරියට නියෝජ්‍ය නායක ධුරය අහිමිවීමත් සමග එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වයද අහිමිවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories