නවිපිල්ලේගේ චෝදනා ලක් රජය ප්‍රතික්ෂේප කරයි.

Thursday, 26 September 2013 - 7:37

%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

නවනීදන් පිල්ලේ විසින් ජගත් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ වාර්තාව ලක් රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට යෝජනා කිරීමට අයිතියක් නොමැති බවයි රජය අවධාරණය කරන්නේ. ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ  අවධාරණය කරන්නේ මානව හිමිකම් කවුන්සිලයේ දැඩි අවධානයක් ශ්‍රී ලංකාව පිළිබඳව අවශ්‍ය නොවන බවයි. අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව නගා සිටුවීමට සහයක් පමණක් බවද ඔහු කියා සිටියා. එමෙන්ම ශ්‍රී ලංකාව පීඩාවට පත් නොකරන ලෙසද ඔහු මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories