ලක් රජයට නවිපිල්ලේගෙන් අවසන් කාලසීමාවක්.

Thursday, 26 September 2013 - 7:45

%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

මානව හිමිකම් චෝදනා සම්බන්ධයෙන් ලබන මාර්තු මාසය වනවිට විශ්වාසනීය පරික්ෂණයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසනවා. ඇය අවධාරණය කරන්නේ එවැනි පරීක්ෂණයක් පැවැත්වීමට ලක් රජය  අපොහොසත් වුවහොත් මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් පැවත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීම බවයි. ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ විසින් සකස් කෙරුණු ශ්‍රී ලංකාව පිළිබඳ යාවත්කාලීන වාර්තාව ජගත් මානව හිමිකම් කොමිසමේ 24 වැනි සැසිවාරය වෙත ඉදිරිපත් කරමින් ඇය මේ බව සඳහන් කළා. පසුගිය අගෝස්තු මාසයේ සිදුවූ ඇයගේ ශ්‍රී ලංකා සංචාරයේ නිරීක්ෂණද මෙම වාර්තාවට ඇතුළත්.

 

නවනීදන් පිල්ලේ වෙනුවෙන් මෙම වාර්තාව සැසිවාරයට ඉදිරිපත් කරනු ලැබුවේ නියෝජ්‍ය මහ කොමසාරිස් ෆ්ලාවියා පන්සියෙරි විසින්. සිය සංචාරය සැළසුම් කිරීමේ සිට ශ්‍රී ලංකාවෙන් පිටත්ව යනතුරු දැක්වූ ඉමහත් සහයෝගය පිළිබඳ ඇය ලක් රජය වෙත සිය ස්තුතිය පළකර තිබෙනවා. එහිදී යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශ නැවත ගොඩනැංවීම සහ යළි පදිංචිකිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතියද නවනීදන් පිල්ලේගේ ඇගයීමට ලක්වුණා. පසුගියදා අවසන්වූ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීම, බලය විමධ්‍යගතකිරීමේ මූලික අවස්ථාවක් ලෙසයි ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේගේ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories