ජනපති, පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් හමුවෙයි.

Thursday, 26 September 2013 - 13:01

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වන සැසිවාරය සඳහා සහභාගී වී සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා ඇතුලූ රාජ්‍ය නායකයන් කිහිපදෙනෙකු ඊයේ (25) දිනයේදී හමුවී තිබෙනවා. ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා මහා මණ්ඩල සැසිවාරයට එක්ව සිටින පාකිස්ථානු අගමැතිවරයා, නැමීබියානු සහ සැම්බියානු ජනාධිපතිවරුන් හමුවී ඇති බවයි.

 

සැසිවාරය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ෂර්මා හමුවෙමින් ජනාධිපතිවරයා ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය නායක හමුවේ තේමාව වී ඇත්තේ වෘද්ධිය සමග යුක්තිය, සහභාගී සංවර්ධනය යන්නයි.

 

අප දැනෙනසුළු ප්‍රතිලාභ අත්කරගත යුතු බවත් නැතහොත් මෙය තවත් රැස්වීමක් පමණක් වන බවත් ජනාධිපතිවරයා මෙම හමුවේදී ප්‍රකාශ කර තිබෙනවා. සමුළු සූදානම විමර්ශනය පිණිස ගතවූ මාස දෙක ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණි බොහෝ රටවල නියෝජිත පිරිස් සමුළුව සඳහා සලසමින් තිබෙන විධිවිධාන පිළිබඳව ප්‍රසාදයට පත්ව ඇති බව කමලේෂ් ෂර්මා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

 

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම සුදුසු නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. එමගින් සිදුවන්නේ අසරණ ජනතාව පීඩාවට පත්වීමක් පමණක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ජගත් සංවිධාන මහා මණ්ඩල සැසිවරායට සහභාගි වීම සඳහා නිව්යෝක් නුවරට ගොස් සිටින ජනාධිපතිවරයා ට්විටර් සමාජ සබඳතා ජාලය ඔස්සේ ලොව පුරා ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මේ බව ප්‍රකාශ කළා.

 http://bundlr.com/b/askmr3

පළමු වතාවට ජනාධිපතිවරයා ට්විටර් ඔස්සේ ලැබුණු ප්‍රශ්න සඳහා පිළිතුරු ලබාදීමට ඉදිරිපත් වුණා. ඒ අනුව විශාල ට්විටර් පණිවුඩ ප්‍රමාණයක් යොමු වී තිබූ බවයි වාර්තාවන්නේ. ඒ සඳහා ජනාධිපතිවරයා ඍජු සහ කෙටි පිළිතුරු ලබාදී තිබුණා. නියමිත වේලාවට විනාඩි 90ක් පමණ ප්‍රමාද වී ආරම්භ වුණු මෙම ට්විටර් සංවාදයේදී ප්‍රධාන කරුණු  රැසක් පිළිබඳව වැඩි අවධානයක් යොමුවුණා. මාධ්‍ය නිදහසට බාධා එල්ල කරන්නේදැයි ජනාධිපතිවරයා වෙත යොමුවූ  ප්‍රශ්නයකදී පිළිතුරු ලෙස ඉදිරිපත් වුණේ ඉරිදා පුවත්පත් කියවා බලන ලෙසයි. එමෙන්ම පෞද්ගලික රූපවාහිනී නාලිකා 25 ක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක බවද එම පිළිතුරේ දැක්වෙනවා. ඉරානය සමග ඉතා සමීප සබඳතාවක් පවත්වාගෙන යන බව එම සංවාදයේදී පළවූ තවත් අදහසක්.

 
එමෙන්ම එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලියට සමීපව යමින් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව සූදානම් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. තවද ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක සයිබර් අපරාධ නිරීක්ෂණය කිරීමටත් ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් සූදානම් බවයි ජනාධිපතිවරයා අවධාණය කර ඇත්තේ. තමන් සේම සෙසු මැති ඇමතිවරුන්ද සමාජ සබඳතා ජාල භාවිත කරන්නේ නම් ජනතාවට තවදුරටත් සමීපවීමේ අවස්ථාව පවතින බවද සිය සංවාදයේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories