වීඩියෝ :එජාපයේ තනතුරු ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලයට යෝජනාවලියක්.

Thursday, 26 September 2013 - 19:11

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.



එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කිසිදු වෙනසක් සිදුනොවනු ඇති බවට පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. කෙසේ වෙතත්, පක්ෂයේ වෙනත් තනතුරු කිහිපයක වෙනස්කම් සිදුවිය හැකි බවටයි වාර්තා වන්නේ. ඒ අතර පක්ෂයේ ප්‍රධාන පෙලේ අනුබද්ධ සංවිධාන ඇතුළු දිස්ත්‍රික් සංවිධානවල එම වෙනස්කම් ඇතිවිය හැකි බව වාර්තා වනවා. මීට අමතරව දැනට පුරප්පාඩුව පවතින ප්‍රධාන පෙලේ තනතුරු කිහිපයකටද අලූතින් පුද්ගලයින් පත්කිරීම ඉදිරි කාලයේදී සිදුවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කර සිටියා. මේ සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් ලබන 07 වැනිදා පැවැත්වන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

 
කෙසේ වෙතත්, කොළඹ අද (26) පැවති මාධ්‍ය හමුවකදී පක්ෂයේ දේශපාලනමය වෙනසක් ඉදිරි සතියේදී සිදුවිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කියා සිටියා. එහිදී ඒ හෝ බී වශයෙන් වෙනසක් සිදුවිය හැකි බවයි ඔහු සඳහන් කළේ. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද මේ සම්බන්ධයෙන් දැනුවත්ව සිටින බව මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories