යුද්ධයක් ඕනෑ නැහැ - T.N.A සහතිකයක්.

Friday, 27 September 2013 - 7:51

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A++%E0%B6%95%E0%B6%B1%E0%B7%91+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+T.N.A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි දහයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා හිරු ටී.වී. තුළින් විකාශය කරන බලය සංවාදාත්මක දේශපාලන වැඩසටහන ඊයේ (26) රාත්‍රියේදීත් විකාශය වුණා.

 

එහි මාතෘකාව වූයේ උතුර පළාත් සභා මැතිවරණයට පසු, යන්නයි. ඊට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.අස්වර් සහ ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල එක්වුණා. විපක්ෂය නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් එක්ව සිටියා.

 

තවත් යුද්ධයක් ඇති කිරීමට කිසිවිටෙකත් දෙමළ ජාතික සන්ධානය කටයුතු නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් විවාදයේ එක් අවස්ථාවකදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ තවත් යුද්ධයක් අවශ්‍ය නොවන බවයි. යුද්ධයක් ඇතිවුවහොත් වැඩියෙන් පීඩාවට පත් වන්නේ දෙමළ ජනතාව බව ද ඔහු සඳහන් කළා. එමෙන්ම, වසර 30 කට පසු උතුරේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදීමට රජය කටයුතු කර ඇති බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories