ලංකාව ගැන පිල්ලේගේ ප්‍රකාශයට ඉන්දියාවේ එකඟත්වය.

Friday, 27 September 2013 - 12:54

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA.

ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 24 වන සැසිවාරයේදී ඉන්දියාව ඊයේ (26) විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එහිදී ඉන්දියාව ප්‍රකාශ කර ඇත්තේ මානව හිමිකම් මණ්ඩලය මීට පෙර සම්මත කර ගත් යෝජනාවලට අනුකූලව ශ්‍රී ලංකාව වෙත එමගින් උපදේශ හා තාක්ෂණික සහය ලබාදීම තමන් අනුමත කරන බවයි. මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය දිරිගන්වන සුළු බවයි ඉන්දියාව පවසා ඇත්තේ. ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ වගවීම ප්‍රවර්ධනය කිරීම යන මැයින් මානව හිමිකම් කොමසාරිස්වරිය සිදුකළ වාචික ප්‍රකාශය පිළිබඳවයි ඉන්දියාව මෙහිදී අදහස් දක්වා ඇත්තේ.

 

උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම මගින් ඉදිරිපත් කර ඇති අතුරු නිර්දේශ 53 ක් ලක් රජය විසින් පිළිගනු ලැබීම ඉන්දියාවේ ද ප්‍රසාදය පළ වන කරුණක්. මෙරට මානව හිමිකම් තත්ත්වය වර්ධනය කිරීම සඳහා අදාළ නිර්දේශ ක්‍රියාවට නැංවීම වැදගත්. ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව වෙත තාක්ෂණික සහය සහ උපදෙස් ලබාදීම පිළිගත හැකි කරුණක් බවයි ඉන්දියාව ජිනීවා සමුළුව ඉදිරිපත් කළ ප්‍රකාශයේ දැක්වෙන්නේ. 13 වන සංශෝධනය මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සහ ඉන් ඔබ්බට ගිය විසඳුමක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ අපේක්ෂාව බව එහි වැඩිදුරටත් සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories