ජනපති නවසීලන්ත අගමැති අතර හමුවක්.

Friday, 27 September 2013 - 13:19

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා ඇමෙරිකාවට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඉරාන ජනාධිපතිවරයා සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ඊයේ (26) මුණ ගැසී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා. මහාමණ්ඩල සැසිවාරය ඇමතීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ලෝක නායකයන් රැසක් හමුවුණා. ජනාධිපතිවරයා පාකිස්ථාන අගමැති නවාශ් ෂරීෆ් මුණ ගැසුණේ පසුගිය 25 වැනිදායි.

 

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී සමඟ ඊයේ පැවති සාකච්ඡාවේදී කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු වී තිබෙනවා. සමුළුවට සහභාගි වන බව එහි යළි සනාථ කළ නවසීලන්ත අගමැතිවරයා මෙරට පශු සම්පත් කර්මාන්තය සඳහා ආධාර ලබාදීමට ද ප්‍රතිඥා දුන් බවයි ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මීළඟ කාල විරාමය සඳහා අසුනක් ලබා ගැනීමට තමන්ට සහය වන ලෙස ද නවසීලන්ත අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් එහිදී ඉල්ලා තිබෙනවා. ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව සහය ලබාදෙන රට කුමක්ද යන්න මෙතෙක් තීරණය කර නොමැති අතර නවසීලන්තයේ ඉල්ලීම සලකා බැලීමට සූදානම් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories