වීඩියෝ :නවිපිල්ලේට රුසියාවේ විරෝධය. - චීනයත් අපේ සහායට.

Friday, 27 September 2013 - 20:34

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.+-+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA%E0%B6%A7.



ශ්‍රී ලංකාව මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ සංහිඳියාව කරා ගමන් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහා උපරිම සහාය ලබාදෙන බව චීනය ප්‍රකාශ කළා. ඒ, ජිනිවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 24 වන සැසි වාරයේ දී විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කරමින්. එහිදී චීන නියෝජිතවරිය අවධාරණය කළේ ජාත්‍යන්තරය ශ්‍රී ලංකා රජයට සංහිඳියාව උදා කර ගැනීම සඳහා කාලය සහ අවකාශය ලබාදිය යුතු බවයි.
                                                           

මේ අතර, ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේගේ ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාමාර්ග සඳහා තම විරුද්ධත්වය පළ කරන බව රුසියාව එහිදී ප්‍රකාශ කළා. මානව හිමිකම් සැසිවාරයට එක්ව සිටි රුසියානු නියෝජිතවරිය කියා සිටියේ මානව හිමිකම් කොමසාරිස්වරිය සිදුකළ යුත්තේ ප්‍රශ්න උග්‍ර කිරීම නොව ඒවා සමනය කිරීම බවයි.

 

ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 24 වන සැසිවාරයේදී ඉන්දියාව ද ඊයේ විශේෂ ප්‍රකාශයක් ඉදිරිපත් කළා. එහිදී ඉන්දියාව ප්‍රකාශ කළේ මානව හිමිකම් මණ්ඩලය මීට පෙර සම්මත කර ගත් යෝජනාවලට අනුකූලව ශ්‍රී ලංකාව වෙත එමගින් උපදේශ හා තාක්ෂණික සහය ලබාදීම තමන් අනුමත කරන බවයි. මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය දිරිගන්වන සුළු බවයි ඉන්දියාව සඳහන් කළේ.

 
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සංහිඳියාව එක් රැයකින් නිර්මාණය කළ නොහැකි බව පොදුරාජ්‍ය මණ්ඩලීය සංවිධානයේ මානව හිමිකම් අංශයේ වැඩබලන ප්‍රධානී කැරන් මැකන්සි ප්‍රකාශ කළා. ඇය මේ බව සදහන් කළේ වව්නියාවේ පැවැති මානව හිමිකම් වැඩමුළුවකින් අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories