ෆොන්සේකාගේ ආසන සංවිධායකට මල් වඩමෙන් පසු අස්වීමේ ලිපිය.

Saturday, 28 September 2013 - 7:45

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B6%A9%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ මූලස්ථානය ඉදිරිපිට උපවාසයක නිරත වූ මධ්‍යම පළාත් සභාවට එම පක්ෂයෙන් තරග කළ කුණ්ඩසාලේ ආසන සංවිධායක හේරත් බණ්ඩාගේ පක්ෂ සාමාජිකත්වය සහ ආසන සංවිධායක ධුරය ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. එම පක්ෂයේ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පක්ෂයට හානි වන අයුරින් කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි.

 

කෙසේ වෙතත්, කුණ්ඩසාලේ ආසන සංවිධායක හේරත් බණ්ඩාර සඳහන් කළේ තමන්ට මේ වන තෙක් තම පක්ෂ සාමාජිකත්වය හෝ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම පිළිබද පක්ෂයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. තමන් පක්ෂයෙන් ඉවත් වීමට මීට පෙර සිටම තීරණය කර සිටි බව ද ඔහු ප්‍රකාශ කළා.

 
පසුගිය 24 වන අඟහරුවාදා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට හේරත් බණ්ඩා උපවාසයක නිරත වුණේ තමාගේ මනාප වෙනස් කර ඇති බව පවසමින්. ඔහුගේ මැණික්හින්න ප්‍රදේශයේ නිවස ඉදිරිපිට පෙරේදා (26) රාත්‍රියේ මල්මඩමක් ද තබා ගොස් තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories