ගල්කිස්සේ පියෙකු දියණියට ද වස දී දිවි නසා ගනී.

Saturday, 28 September 2013 - 7:56

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF+%E0%B7%80%E0%B7%83+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

ගල්කිස්ස - වටරප්පල පාර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී වස ශරීරගතවී මිය ගිය පියෙකුගේ සහ දියණියකගේ සිරුරු පොලීසිය සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පියා විසින් තම දියණියට ද වස පොවා සිය දිවි හානිකරගෙන ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වූ බවයි. මිය ගිය පියාගේ වයස අවුරුදු 43ක්. දියණිය 8 හැවිරිදි වියේ පසුවුණා. ඇයගේ මව නිවසින් බැහැරව සිටි අවස්ථාවක ඊයේ (27) මෙම සිද්ධිය සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ. පියා දියණියට ද වස දී තමා ද ඒවා පානය කර මිය යාමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මෘත ශරීර කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.

 
මේ අතර, පදිංචි නිවස ගිනි ගැනීමෙන් පුත්තලම - දලූවවැල්ල ප්‍රදේශයේ 58 හැවිරිදි කාන්තාවක් ඊයේ (27) ජීවිතක්ෂයට  පත්වුණා. ඇය මෙම නිවසේ තනිව පදිංචිව සිට ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories