වීඩියෝ : ඔබාමාගෙන් රවුහානිට දුරකථන ඇමතුමක්.

Saturday, 28 September 2013 - 11:37

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%3A+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%A7+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ඉරාන ජනාධිපති හසාන් රවුහානි වෙත ඊයේ දුරකථන ඇමතුමක් ලබා දුන්නා. ඉරාන නව නායකත්වය යටතේ එරට න්‍යෂ්ටික අර්බුදයට විසඳුමක් ලබා ගැනීම සඳහා සුවිශේෂී අවස්ථාවක් උදා වී ඇති බවයි ජනාධිපති ඔබාමා එහිදී ප්‍රකාශ කර ඇත්තේ. එකඟතාවකට පැමිණීමට ඉරානය දැඩි කැමැත්තකින් සිටින බව ජනාධිපති රවුහානි සඳහන් කර තිබෙනවා. බටහිර රටවල් බොහෝ කලක සිට චෝදනා කරන පරිදි න්‍යෂ්ටික බෝම්බයක් අත්කර ගැනීම ඉරානයේ අපේක්ෂාව නොවන බව ඉරාන නායකයා සදහන් කළා. මෙම දුරකථන සංවාදය ඉරාන සහ ඇමරිකානු නායකයන් අතර වසර 30කින් සිදුවූ පළමු වැන්නයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories