ජනපති හා ජගත් මහ ලේකම්ගේ තරුණ කටයුතු නියෝජිතයා අතර හමුවක්.

Saturday, 28 September 2013 - 19:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ තරුණයන් පිළිබඳ නියෝජිත අහමඞ් අල්හින්දාවි ඇතුළු නියෝජිත පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබෙනවා. නිව්යෝක් නුවරදී ඊයේ (27) පැවැත්වුණු මෙම හමුවේ මූලික අවධානය යොමුවුණේ ලබන වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුව පිළිබඳවයි. එම සමුළුව ආසියානු රටක පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයවීමද විශේෂත්වයක්. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 68 වන සමුළුවේදී තරුණයන් කෙරෙහි ද අවධානය යොමුකරමින් ජනාධිපතිවරයා සිදුකළ කතාව සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සිය ස්තූතිය පුදකළා. තමන් මුහුණ දී සිටින අභියෝග කවරේ දැයි ජනාධිපතිවරයා මෙම තරුණ නියෝජිතයන්ගෙන් විමසා සිටියා. ඔවුන් එහිදී කියා සිටියේ තරුණ ප්‍රජාව සහ ආණ්ඩු අදාළ කටයුතු සඳහා යොමුකර ගැනීම දුෂ්කර කාර්යයක් වී ඇති බවයි.

මේ අතර, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) අන්තර්ජාතික අවබෝධය සඳහා වන ව්‍යාපාරික මණ්ඩලය සමගද සාකච්ඡාවක නිරත වුණා. එහිදී ශ්‍රී ලංකාවේ පවතින ආයෝජනයට සුදුසු පරිසරය පිළිබඳව රටවල් රැසක ප්‍රධාන පෙලේ සමාගම් නියෝජනය කරමින් රැස්ව සිටි නියෝජිතයන් දැනුවත් කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories