ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන්ගේ යාත්‍රා මින් ඉදිරියට රාජසන්තක කරන බව ධීවර අමාත්‍යාංශය පවසනවා. ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ප්‍රකාශ කළේ ඊට අදාළව නීතිපතිවරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි. ශ්‍රී ලංකාව තම ධීවර යාත්‍රා රඳවාගෙන සිටින බව පසුගියදා නිදහස ලැබූ ඉන්දීය ධීවරයන් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. ඒ පිළිබඳ කළ විමසීමකදියි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.
Follow US
Most Viewed Stories