TNA අද විශේෂ සාකච්ඡාවක.

Sunday, 29 September 2013 - 13:10

TNA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

උතුරු පළාත් සභාවේ පාලන බලය හිමිකරගෙන සිටින දෙමළ ජාතික සන්ධානය අද විශේෂ සාකච්ඡාවක් පවත්වන බව එහි නායක ආර්. සම්බන්ධන් පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු කියා සිටියේ පළාත් සභාවේ අමාත්‍ය ධුර පිළිබඳව එහිදී තීරණවලට එළඹෙන බවයි. උතුරු පළාත් සභාවේ ආසන 38 කින් 30 කම බලය හිමිවූයේ දෙමළ ජාතික සන්ධානයටයි. ඒ අනුව ඔවුන්ට පළාත් සභාවේ ප්‍රසාද මන්ත්‍රී ධුර දෙකක් හිමිවුණා. එහිදී මන්නාරම දිස්ත්‍රික්කය සඳහා මුස්ලිම් අපේක්ෂකයෙකුට අවස්ථාව ලබාදීමට  තීරණය කළ බවයි ආර්. සම්බන්ධන් සඳහන් කළේ. අනෙක් ප්‍රසාද මන්ත්‍රී ධුරය වවුනියාව, කිලිනොච්චිය සහ මුලතිව් යන දිස්ත්‍රික්ක සඳහා මාරුවෙන් මාරුවට ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානයේ මහ ඇමතිවරයා ඇතුලූ අනෙකුත් පලාත් සභා මන්ත්‍රීවරුන් දිව්රුම් දෙන දිනයද අද පැවැත්වෙන සාකච්ඡාවේදි තීරණය කෙරෙනු ඇති. ඒ සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඇරයුම් කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇතැයි පළවූ මාධ්‍ය වාර්තා පිලිබඳව අප ආර්. සම්බන්ධන්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ඒ පිළිබඳවද අද පැවැත්වෙන සාකච්ඡාවේදී තීරණයකට එළඹෙන බවයි. පළාත් සභා නීතියට අනුව පළාතක ප්‍රධාන අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හෝ පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දිය යුතුයි. පළාත් අමාත්‍යවරුන්ට ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේ දිවුරුම් දිය හැකියි.

බස්නාහිර සහ ඌව පළාත් සභා සඳහා දෙමළ ජාතික සන්ධානය තරඟ වදින්නේද යන්න එම පළාත් සභා විසුරුවීමෙන් පසු තීරණය කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories