රක්ෂිත 4ක ගිනි.

Sunday, 29 September 2013 - 18:29

%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+4%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92.

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද (29) දිනයේ දී රක්ෂිත ගිනි ගැනීම් වාර්තා වුණා.

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ අද (29) දහවල් හට ගත් ගින්නෙන් අක්කර 10 කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව වාර්තා වනවා. ගින්න මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, කාසල්රී ජලාශයේ ඉහළ ප්‍රදේශයේ රක්ෂිතයේ අද (29) දහවල් ඇති වූ ගින්නෙන්් අක්කර 15 කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. මේ අතර, වැල්ලවාය - ගඟ අද්දර රක්ෂිතයේ ද ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්නෙන් අක්කර 15කට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ. පසුගිය මාස 3ක කාලය තුළ දී මොණරාගල දිස්ත්‍රික්කයේ රක්ෂිතවල ඇති වූ ගිනි ගැනීම්වලින් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙන බව ද වාර්තා වනවා.

 
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ත්‍රිකුණාමලය - කප්පල්තුරෙයි රක්ෂිතයේ ද අද (29) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බවට තමන් වෙත වාර්තා වී ඇති බවයි. ගින්නෙන් අක්කර 10කට ආසන්න භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සඳහන් කළේ.

[JPG]68255_1[/JPG]

[JPG]68255_2[/JPG]

[JPG]68255_3[/JPG]

[JPG]68255_4[/JPG]



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories