එක්සත් ජාතික පක්ෂයට උපදේශක මණ්ඩලයක්.

Sunday, 29 September 2013 - 18:31

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


එක්සත් ජාතික පක්ෂය සඳහා උපදේශක මණඩලයක් පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ඒ අනුරාධපුර සාරානන්ද පිරිවෙනේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන් සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අතර අද (29) පැවැති සාකච්ඡාවකදියි. ඒ සඳහා ලක්ෂ්මන් කිරිඇල්ල, පී.හැරිසන් යන පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සහභාගි වී තිබෙනවා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ.
 
මෙම යෝජනාව සම්බන්ධයෙන් මෙම සතිය තුළදී අවසන් තීරණයක් ගන්නා බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories