තවත් ඡන්ද පත්‍රිකා තොගයක් පුත්තලමෙන් හමුවේ.

Sunday, 29 September 2013 - 18:35

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A.


පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ පන්ති කාමරයක තිබී සලකුණු කරන ලද තවත් ඡන්ද පත්‍රිකා තොගයක් හමුවී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ වයඹ පළාත් සභාවට තරග කළ හිටපු පළාත් සභා මන්ත්‍රී ආබ්දීන් යෙහියා පවසනවා. පුත්තලමේ  ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. එසේ හමුවී ඇති ඡන්ද පත්‍රිකා තොගය අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් පුත්තලම තේරීම් භාර නිලධාරීවරයාට භාර දී ඇති බවයි ඔහු සදහන් කළේ. නමුත් එම ඡන්ද පත්‍රිකා තොගය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණ වී නොමැති බව ද පළාත් සභා මන්ත්‍රී ආබ්දීන් යෙහියා කියා සිටියා.
 
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසීමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය 25 වැනිදා තවත් ඡන්ද පත්‍රිකා තොගයක් විදුහලේ විදුහල්පතිවරයා විසින් පාසලේ පන්තිකාමරයක සගවා තිබියදී සොයා ගෙන පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති බවයි. එම ඡුන්ද පත්‍රිකා තොගය ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ආරක්ෂා සහිතව පවතින බවයි මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේ. පසුගිය 24 වැනිදා පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේ තිබී පළමුවරට ඡන්ද පත්‍රිකා තොගයක් සොයා ගනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories