රාජගිරිය - මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක් තුළ මියගොස් සිටියදී ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ අභාවප්‍රාප්ත තිස්ස අබේසේකරගේ නැන්දණියගේ මළ සිරුර අද (29) සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වැලිකඩ පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මළ සිරුර සොයා ගෙන ඇති බවයි. මියගිය කාන්තාවගේ සැමියා පසුගිය 27 වැනිදා ඥාති නිවසකට ගොස් සිටියදී මෙම මරණය සිදුව තිබෙනවා. නිවසේ ඇඳක් මත තිබී සොයාගත් මළ සිරුරේ පිටතින් පෙනෙන තුවාල කිසිවක් දක්නට නොතිබූ බව පොලිසිය සඳහන් කළා. නිවසේ කාමරයක අල්මාරියක් තුළ තිබූ භාණ්ඩ ද ඇද දමා ඇති අතර, භාණ්ඩ සොරා ගැනීමට පැමිණි කොල්ලකල්ලියක් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැකකරනවා. මිය ගොස් සිටි 84 හැවිරිදි කාන්තාවගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදුකෙරුණු අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර මේ වන විට තැන්පත් කර ඇත්තේ කොළඹ ජාතික රෝහලේ පොලිස් මෘත ශරීරාගාරයේයි. ඝාතනය සිදුකර ඇත්තේ කෙසේ ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර ගත හැකි බව පොලීසිය සඳහන් කළා.
Follow US
Most Viewed Stories