දිසා විනිසුරුවරයෙකුගේ පුත්‍රයෙකු පැහැරගැනේ.

Monday, 30 September 2013 - 7:57

%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A.

කොළඹ - අළුත්කඬේ අංක හතර අධිකරණයේ දිසා විනිසුරුවරයාගේ පුත්‍රයා පැහැරගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බව මොරටුව පොලීසිය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිටත් පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකිරීම සඳහා යෙදවා ඇති බවයි. අංක හතර අධිකරණයේ දිසා විනිසුරු බී.ඒ.ආර්. සෝමසිංහගේ පුත්‍රයා පසුගිය සෙනසුරාදා නාඳුනන පිරිසක් විසින් වෑන් රථයකින් පැමිණ පැහැරගෙන ගොස් තිබෙනවා. සෙනසුරාදා උදෑසන 10 ට පමණ අතිරේක පන්තියකට සහභාගිවීම සඳහා ගාලූ පාරේ රැඳී සිටියදියි මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ.
 
කෙසේ වෙතත් පැහැරගෙන පැය 5 කට ආසන්න කාලයක් ඇතුළතදී නැවතත් දිසා විනිසුරුවරයාගේ පුත්‍රයා වාද්දුව ප්‍රදේශයේදි අතහැර දමා ගොස් තිබෙනවා. විනිසුරුවරයාගේ පුත්‍රයා පොලීසියට සඳහන් කර ඇත්තේ වෑන් රථයකින් පැමිණි සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමා බලහත්කාරයෙන් වෑන් රථයට දමාගත් බවයි. ඉන් අනතුරුව තමා සිහිසුන් වූ බවත් පොලීසියට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර තිබෙනවා. කෙසේ නමුත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories