දෙමළ සන්ධානයේ දිවුරුම් දීම කල් යයි.

Monday, 30 September 2013 - 8:01

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.



උතුරු පළාත් සභාවේ තමන්ට හිමිවූ දෙවැනි ප්‍රසාද ආසනය විවිධ ජාතීන් සහ ජන කණ්ඩායම් වෙනුවෙන් කෝටා ක්‍රමයකට ලබාදීමට තීරණය කර ඇති බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එක් මන්ත්‍රීවරයෙකුට ප්‍රසාද ආසනය හිමිවන කාලය වසරකට සීමා කිරීමටද ඊයේ පැවති විශේෂ සාකච්ඡාවේදී තීරණය වූ බවයි එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. මේ අනුව මුලතිව් ප්‍රදේශයෙන් තරඟ වැදුනු කමලා ගුනසීලන් නැමති කාන්තාව පළමු වසර සඳහා පත්කිරීමට ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා. මන්නාරම දිස්ත්‍රික්කය සඳහා දෙමළ සන්ධානයට හිමිවූ ප්‍රසාද මන්ත්‍රී ධුරයට නම්කර ඇත්තේ අයුබ් ආමින්. මන්නාරම ප්‍රසාද ආසනය මුස්ලිම් ජාතිකයෙකුට පිරිනැමීම සඳහා දෙමළ සන්ධානය ගනු ලැබූ තීරණයට අනුවයි ඔහු ඒ සඳහා පත්කර ඇත්තේ.   

දෙමළ සන්ධානයේ පළාත් අමාත්‍ය ධුර අනිද්දා කොළඹ පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කෙරෙන අතර, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ඇතුලූ ඇමති මණ්ඩලය දිවුරුම් දෙන දිනයද එදින තීරණය කෙරෙනු ඇති. මහ ඇමතිවරයාගේ දිවුරුම්දීම සඳහා ජනාධිපතිවරයාට ආරාධනා  කරන්නේ ද යන්න තීරණය කරනු ඇත්තේද එදිනයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories