වීඩියෝ:අල්ලස් නඩුවට හිටපු අගවිනිසුරුවරියගෙන් මෝසමක්.

Monday, 30 September 2013 - 18:54

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%9D%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



වත්කම් හෙළි නොකිරීම පිළිබදව අල්ලස් කොමිසම හිටපු අගවිනිසුරුවරියට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් අද (30) මෝසමක් ඉදිරිපත් වුණා. ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක නීතිඥයන් මාර්ගයෙන් අදාළ මෝසම ඉදිරිපත් කරමින් සදහන් කළේ පරිගණක සාක්ෂි මත නඩුව පවත්වාගෙන යාම පිළිබද විරෝධය පළ කරන බවයි. අදාළ පරිගණකයේ ස්වභාවය පිළිබද පරීක්ෂා කිරීමේ අයිතිය විත්ති පාර්ශවයට ලබාදෙන ලෙස එම මෝසම මගින් කරුණු දක්වා සිටියා. මෙම නඩුව ලබන 14 වන දින දක්වා කල් තැබුණු අතර පරිගණක සාක්ෂිවල හා ලේඛනවල ස්වභාවය පිළිබද විරෝධතාවක් පළ කරන්නේ ද යන්න මීළග නඩු වාරයේ දී දැනුම් දීමට නියමිතයි.

 
මේ අතර, කරන්දෙනිය දිසා රෝහලේ වෛද්‍ය ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ ඝාතනයට අදාළ නීතිපති උපදෙස් මෙතෙක් නොලැබීම නිසා සිද්ධියට අදාළ සැකකරුවන් ලබන ඔක්තෝම්බර් 14 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඊට අදාළ නඩුව බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම ඉදිරියේ අද (30) විභාගයට ගත් අවස්ථාවේදියි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories