මෙරට ගැන පරීක්ෂණ සිදුකරන අයුරු නවිපිල්ලේ කියයි.

Monday, 30 September 2013 - 19:16

%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට සිදුවනු ඇත්තේ උගත් පාඩම් කොමිසම් වාර්තාවේ නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත් බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ ප්‍රකාශ කළා.  ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ. මෙවර ජීනිවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ වාචික ප්‍රකාශයක් ඉදිකරමින් ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ කියා සිටියේ ලබන මාර්තු මාසය වනවිට විශ්වාසනීය දේශීය පරීක්ෂණයක් පැවැත්වීමට ලක් රජය තීරණයක් ගත යුතු බවයි. එසේ නොමැති නම් මෙරට මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම ජාත්‍යන්තර ප්‍රජාවේ වගකීමක් වන බව ඇය කියා සිටියා. කෙසේ නමුත්, නවනීදන් පිල්ලේගේ වාචික ප්‍රකාශය ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මෙම ප්‍රතික්ෂේප කිරිම සම්බන්ධයෙන්  ඕස්ට්‍රේලියානු ගුවන් විදුලියේ මාධ්‍යවේදිනිය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ජගත් මානව හිමිකම් කොමාසාරිස්වරිය මේ බව කියා සිටියේ.

මේ අතර, නිව්යෝක් නුවර දී පැවැති පොදුරාජ්‍ය මණ්ඩල අමාත්‍ය ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී බ්‍රිතාන්‍ය සහ කැනඩා නියෝජිතයන්ගේ හැසිරීම හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා. මෙහිදී එංගලන්ත සහ කැනඩා නියෝජිතයන් එම රැස්වීම අනිසි ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සිදුවීම් පිළිබදව සාකච්ඡා කර ඇති බවයි විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.  මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය නියමයන් සහ අනුගමනයන් උල්ලංගණය කිරීමක් බව ද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස නැවත නැවත ප්‍රකාශ කිරීම අසාධාරණ බවයි විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ. 30 වසරක් පුරා පැවැති යුද්ධය අවසන් කර තිබෙනවා. එමගින් සිදුවූ බලපෑම වසර 4ක් වැනි කෙටි කාලයක් තුළ නිම කළ නොහැකියි. ඒ සඳහා තවත් කාලයක් අවශ්‍ය බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් එම නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම චෝදනා එල්ල නොකර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී ශ්‍රී ලංකාවේ තත්ත්වය වටහා ගැනීමට මෙරටට පැමිණෙන ලෙස සියලූම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලින් ඉල්ලා සිටින බවයි විදේශ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් තවදුරටත් දක්වා ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories