5 වසර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද.

Tuesday, 01 October 2013 - 7:43

5+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B5%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF.

මේ වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද (01) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ සහ ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ ප්‍රතිඵල විදුහල්පතිවරුන්ට පැමිණ ලබා ගත හැකි අතර අනෙකුත් ප්‍රතිඵල තැපෑලට යොමුකරන බවයි දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. එමෙන්ම විභාග ප්‍රතිඵල ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්. ඩොට් ඩෝනෙට්ස් ඩොට් එල් කේ වෙබ් අඩවියෙන් අද දිනය තුළ ලබාගත හැකියි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසු සිසුවියන් තුන්ලක්ෂ 29,725 දෙනෙකු පෙනී සිටියා.

 

මේ අතර, ගොඩගම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මින් ඉදිරියට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලෝක ළමා දිනය යෙදෙන ඔක්තෝම්බර් 1 වැනිදා නිකුත් කරන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories