නිට්ටඹුව - හංවැල්ල මාර්ගයේ කළු පාලම අසල ගිලා බැසීමක්.

Tuesday, 01 October 2013 - 7:45

%E0%B6%B1%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B9%E0%B7%94%E0%B7%80+-+%E0%B7%84%E0%B6%82%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.

නිට්ටඹුව - හංවැල්ල ප්‍රධාන මාර්ගයේ කළු පාලම අසල ගිලා බැසීමක් සිදුව තිබෙනවා. පූගොඩ නගරයේ සිට කිරිඳිවැල ප්‍රදේශයට දෙසට මීටර් 700 ක් පමණ යද්දී හමුවන කළු පාලම අසල සිදුව ඇති මෙම ගිලා බැසීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා සිදුව ඇති බව සඳහන්. මේ නිසා එම මාර්ගයේ දෙපසටම ගමන් කිරීම නතර වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මාර්ගය අලූත් වැඩියාවක් සිදුකරන අතරතුරයි මෙම ගිලා බැසීම සිදුව ඇත්තේ.

 
මාර්ගයේ ගිලා බැසීම නිසා හංවැල්ලේ සිට පැමිණෙන වාහන දෙල්ගොඩ නගරයෙන් හරවා කොළඹ දෙසට එවන අතර, නිට්ටඹුවෙන් පැමිණෙන වාහන කිරිඳිවැල නගරයෙන් හරවා කොළඹට යොමුකරන බව පොලිසිය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories