වීඩියෝ: මෝදර සිද්ධිය ගැන රජය වාර්තාවක් කැඳවයි.

Tuesday, 01 October 2013 - 7:50

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92.

මහ කොළඹ ජලය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියෙහි කැණීම් කටයුත්තක් සිදුකරමින් සිටියදී පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුර පිළිබදව අදාළ කොන්ත්‍රාත්කරුගෙන් වාර්තාවක් කැදවා තිබෙනවා. ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මෙම ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ සුනිල් විජේමාන්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊයේ (30) පස්වරුවේම ඊට අදාළ ලිපි කොන්ත්‍රාත්කරු වෙත යැවූ බවයි.

 

 

මෝදර ප්‍රදේශයේ ජල නළ ව්‍යාපෘතියක කැණීම් කටයුත්තක නිරතව සිටියදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිව් දෙනෙකු එයට යටවුනා. ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් දෙදෙනෙකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. සිද්ධියෙන් මිය ගියේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 44ක් වයසැති කේ.එල්. සුනන්ද සහ හඟුරන්කෙත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පී.එම්. දයාරත්නයි. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ජනක ගාමිණී බණ්ඩාර සිද්ධියෙන් පාදයකට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් මේ වනවිට ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

අනතුරට පත්ව ඇත්තේ චීන සමාගමකට අයත් දේශීය කම්කරුවන් පිරිසක්. ජල නළ එලීම සදහා මීටර් 5ක් පමණ ගැඹුරට කාණුව සකස් කරමින් සිටියදී මෙම අනතුර සිදුවූ අතර එම අවස්ථාවේදී එහි කම්කරුවන් 5 දෙනෙකු සේවය කරමින් සිට තිබෙනවා. පස් කන්ද කඩා වැටීමෙන් කම්කරුවන් 4 දෙනෙකු ඊට යට වූ අතර ඊට නුදුරෙන් සේවය කරමින් සිටි අනෙක් කම්කරුවා අනතුරට පත්වූ කම්කරුවන් බේරා ගැනීමට පැමිණි අවස්ථාවේ තුවාල ලැබුවා. ඔහු ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබා ඉන් පිටව ගොස් තිබෙනවා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දිවි ගලවා ගත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ඉන්දික නුවන් කුමාර කියා සිටියේ තමන් සේවය කළ ස්ථානයේ සේවකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුගෙන් අවශ්‍ය පියවර ගෙන නොතිබූ බවයි.

 

 
වෘත්තීය සුරක්ෂිතතාවය පිළිබඳව සේව්‍ය  සහ සේවක දෙපක්ෂයටම වැඩි අවබෝධයක් නොමැති බවයි මේ පිළිබඳව අප කළ විමසීමකදී කම්කරු අමාත්‍යාංශයේ ජාතික වෘත්තීය සුරක්ෂිත හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය චම්පිකා අමරසිංහ කියා සිටියේ. එමෙන්ම, වෘත්තීය සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සේව්‍ය හා සේවක දෙපාර්ශවයම මීට වඩා වගකීමෙන් ක්‍රියා කළ යුතු බව ද ඇය සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories