තවත් ආනයනික තෙල් තොගයක් ප්‍රතික්ෂේපයි.

Tuesday, 01 October 2013 - 12:38

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92.

මෙරටට ආනයනය කළ ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 15,000 ක් තත්ත්වයෙන් බාල බවට හෙළි වී ඇතැයි තෙල් වෘත්තීය සමිති ප්‍රකාශ කළා. ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත කියා සිටියේ තෙල් සංස්ථාව, චයිනා පෙට්‍රෝලියම් නමැති සමාගමෙන් මෙම තෙල් තොගය ආනයනය කර ඇති බවයි. එම නෞකාවේ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් 5000 ක් සහ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක් ද රැගෙන විත් තිබෙනවා. එම ඉන්ධන ප්‍රමිතියෙන් යුත් බවට පරීක්ෂණවලදී හෙළිවී ඇති නමුත්, ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් මෙටි‍්‍රක් ටොන් තොගය ප්‍රමිතියෙන් තොර බවට රසායනාගාර පරීක්ෂණ දෙකකදී තහවුරු වුණා. පෙරේදා දිනයේදී මුතුරාජවෙල තෙල් තොග ගබඩා සංකීර්ණයට මෙම ඉන්ධන ගොඩබෑමට සැලසුම් කර තිබූ බවයි ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් ආනන්ද පාලිත ප්‍රකාශ කළේ.

 

 
හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව ඛනිඡ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති එස්.අමරසේකරගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ රසායනාගාර පරීක්ෂාවලදී මෙම ඔක්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් තොගය තත්ත්වයෙන් බාල බවට හෙළි වීම නිසා ඒවා ගොඩබෑම ප්‍රතික්ෂේප කළ බවයි. මෙරටට ආනයනය කළ ඉන්ධන තත්ත්වයෙන් බාල බවට තහවුරු වීම නිසා, මීට පෙර අවස්ථා කිහිපයකදී ඒවා ගොඩබෑම ඛනිඡ තෙල් නීතිගත සංස්ථාව විසින් ප්‍රතික්ෂේප කළා. දිගින් දිටගම මෙවැනි සිද්ධීන් වාර්තාවීම් පිළිබඳව ද අප සංස්ථාවේ සභාපතිවරයාගෙන් කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ ව්‍යාපාර කටයුතුවලදී මෙවැනි සිද්ධීන් ඇතිවිය හැකි බවයි.  කෙසේ වෙතත්, පෙට්‍රල් තොගය ප්‍රතික්ෂේප කිරීම නිසා රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බව ද සභාපතිවරයා අවධාරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories