5 ශිෂ්‍යත්වයේ දෙවන ස්ථාන 3ක්. - 3 වන ස්ථාන 5ක්.

Tuesday, 01 October 2013 - 12:46

5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+3%E0%B6%9A%E0%B7%8A.+-+3+%E0%B7%80%E0%B6%B1+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+5%E0%B6%9A%E0%B7%8A.


මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය ලකුණු 198ක් ලබා ගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවාට හිමි වුණා. නිකුත් වූ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ තුන්වන ස්ථාන 5ක් හිමිවී ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පළමු ස්ථානය හිමි කර ගත් ගාල්ල මහින්ද විද්‍යාලයේ සඳරු තත්සර බාලහේවා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමන් අනාගතයේ දී ශල්‍ය වෛද්‍යවරයෙකු වීමට බලාපොරොත්තු වන බවයි. එදිනෙදා ලබාදෙන අභ්‍යාස එම අවස්ථාවේදීම ඉටු කිරීම ජයග්‍රහණයට මහඟු පිටිවහලක් වූ බව සඳරු කියා සිටියා. ඔහුගේ පන්ති භාර ගුරුතුමිය දිමුතු ලක්මාලි.  සඳරුගේ දක්ෂතා දිගු කලක් තිස්සේ ප්‍රකට වූ බව ඇය ප්‍රකාශ කළා.

මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී සිසු සිසුවියන් 3 දෙනෙකු දෙවන ස්ථාන ලබා ගෙන තිබෙනවා. ඒ ලකුණු 196 බැගින් ලබා ගනිමින්. ගොඩගම සුභාරතී විද්‍යාලයේ කාවින්ද්‍යා ගිම්හානි සිසුවිය දෙවන ස්ථාන ලබා ගත් එක් සිසුවියක්.

කෑගල්ල - හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලයේ ජිනාලි විදුලංකා මුණසිංහ සහ බෙලිහුල්ඔය - කරගස්තලාව විද්‍යාලයේ හේෂාන් චානුක ධර්මරත්න ද මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ස්ථානයේ හිමිකරුවන්.

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ තුන්වන ස්ථානය දිනා ගත් සිසු සිසුවියන් 5 දෙනෙකු සිටීම ද විශේෂත්වයක්. ඔවුන් ලකුණු 195 බැගින් ලබාගෙන තිබෙනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ තමිඳු ස්වර්ණා ද සිල්වා, අම්බලන්තොට ථේරපුත්ත ප්‍රාථමික පාසලේ ශෙනුක දුලාංජන සහ  ඕපනායක විද්‍යාකර ප්‍රාථමික විද්‍යාලයේ නුරන්සි රොනෙත් ඉන් තිදෙනෙක්. කුලියාපිටිය අස්වැද්දුම සුභාරතී කණිෂ්ඨ විද්‍යාලයේ ඉසුර කැලූම් කුමාර සහ කුලියාපිටිය විශාඛා බාලිකා විද්‍යාලයේ සජනි සදිස්නා ද ලකුණු 195 බැගින් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයේ දිවයිනෙන් තුන්වන තැන දිනා ගත්තා.
මේ අතර, 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු පිළිබඳ නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මේ මස 15 වැනිදාට පෙර අදාළ අභියාචනා ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. අදාළ පාසලේ විදුහල්පතිවරයා විසින් මෙම අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ පුෂ්පකුමාර සඳහන් කළේ.

[JPG]68386_1[/JPG]

[JPG]68386_2[/JPG]

[JPG]68386_3[/JPG]

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories