අධික ශබ්ද නිකුත් කරන වාහනවලට දඩ.

Tuesday, 01 October 2013 - 18:45

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%81%E0%B6%B6%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AF%E0%B6%A9.



පරිසරයට අධික ශබ්ද නිකුත් කරමින් ගමන් කරන රථවාහනවලට දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට පරිසර අමාත්‍යාංශය සූදානම්වනවා. ඒ අනුව ඊට අදාළව නව රේගුලාසි මාලාවක් ද හඳුන්වා දී ඇති බවයි ඒ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට කොළඹ දී අද (01) එක්වෙමින් පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ. මෙහිදී මෙම නියෝගයන්  ඉදිරියේ දී පොලීසිය මීට අදාළව නීතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළා. නව නීති මාලාවට අනුව එන්ජිම ක්‍රියාත්මක කර ඇති  ඕනෑම වාහනයක සිට එන ශබ්දය මීටර් 2ත් 3ත් අතර පරාසයකදී ඩෙසිබල් 105 මට්ටමේ පැවතිය යුතුයි. එසේ නොමැති වුවහොත් රුපියල් 3000කට නොඅඩු 5000කට නොවැඩි දඩයක් නියම කළ හැකි වනවා.
 
කෙසේ වෙතත්, මෙම සීමා කිරීම් ගිලන්රථ, දුම්රිය, ගිනි නිවන හමුදාවේ වාහන, පොලිස් වාහන සහ සන්නද්ධ හමුදා විසින් භාවිතා කරන වාහනවලට අදාළ වන්නේ නැහැ. එසේම හදිසි අවස්ථාවලදී මහජනතාව දැනුවත් කිරීම සදහා යොදා ගන්නා ශබ්ද විකාශන යන්ත්‍ර හා අනතුරු ඇගවීමේ නලා සදහා ද මෙම නීතිය අදාළ නොවන බවයි අමාත්‍යවරයා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories