වීඩියෝ:13 හි බලතල ඉල්ලන යෝජනාව නැගෙනහිර දී සම්මතයි.

Tuesday, 01 October 2013 - 18:48

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A13+%E0%B7%84%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92.



13 වන සංශෝධනයේ වෙනසක් සිදුනොකර එහි සඳහන් සියලූ බලතල පළාත් සභාවලට ලබාදිය යුතු බවට වන යෝජනාවක් නැගෙනහිර පළාත් සභාව අද (01) සම්මත කර ගත්තා. යෝජනාව සභාවට ඉදිරිපත් කළේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින්. එහි නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී කණ්ඩායම් නායක ඒ. මොහොමඞ් ජමීල් කියා සිටියේ වැඩි ඡන්ද 15කින් එය සම්මත වූ බවයි. ඊට පක්ෂව ඡන්ද 16ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. සභිකයන් 37 දෙනෙකු සිටින නැගෙනහිර පළාත් සභාවේ අනෙකුත් සභිකයන් ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේ සභාවේ රැදී සිට නැහැ.

නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන් 37 දෙනාගෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 22ක්. ඒ අතර, ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයෙකු ද සිටිනවා. දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 11 දෙනෙකු සහ එක්සත් ජාතිකපක්ෂ මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ද පළාත් සභාව නියෝජනය කරන අතර, අද (01) දිනයේ මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සමග එක්ව සන්ධාන මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද මෙම යෝජනාවට පක්ෂව ජන්දය ලබාදී තිබෙනවා. සභාවේ රැදී සිටි දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 8 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ද ඊට පක්ෂව ඡන්දය ලබා දුන්නා.  විපක්ෂව ඡන්දය භාවිත කර තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රී ප්‍රියන්ත පතිරණයි. මීට අදාළව නැගෙනහිර පළාත් සභාවේ අද (01) දිනයේ විවාදයක් ද පැවැත්වුණා.

 
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය විමලවීර දිසානායක ද මෙම යෝජනාවට පක්ෂව ඡුන්දය ලබාදීම විශේෂත්වයක්. අප ඒ පිළිබදව ඔහුගෙන් කරුණු විමසූ අතර ඔහු කියා සිටියේ දීර්ඝ සාකච්ඡාවකින් පසු තමන් ද එම තීරණයට එකඟ වූ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories