මන්ත්‍රී දුමින්ද ගේ ඉවත්වීමත් සමඟ ටච්වුඞ් කොටස් මිල සීග්‍රයෙන් පහතට.

Tuesday, 01 October 2013 - 20:04

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%9A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%A7%E0%B6%A0%E0%B7%8A%E0%B7%80%E0%B7%94%E0%B6%9E%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AD%E0%B6%A7.



ටච්වුඞ් ආයෝජන සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඉල්ලා අස්වීමෙන් පසු එම සමාගමේ කොටස් මිල ගණන් පහත බැස තිබෙනවා. අද (01) දහවල් 12.30 වන විට එම සමාගමේ කොටස් මිල පෙර දිනට සාපේක්ෂව සියයට 33කින් පහත වැටී තිබුණා. ඊයේ (30) දිනයේ රුපියල් 5යි ශත 10ක් වූ ටච්වුඞ් කොටසක මිල අද දහවල් වන විට රුපියල් 3යි ශත 40 දක්වා පහත බැස තිබීම විශේෂත්වයක්. පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ටච්වුඞ් සමාගමේ අධ්‍යක්ෂ ධුරයට පත්වූ බව සැලවීමත් සමග එම සමාගමේ කොටසක මිල සියයට 70කින් පමණ ඉහළ ගියා. කෙසේ වෙතත් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා තම ඉවත්වීම සමාගමට සහ සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබුණා. ටච්වුඞ් සමාගම කඩිනමින් සිය ගැටළු නිරාකරණය කර ගත යුතු බවයි මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා එමගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories