දෙමළ සන්ධානය විශේෂ සාකච්ඡාවක.

Wednesday, 02 October 2013 - 12:51

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A.

උතුර පළාත් සභාවට තේරී පත්වී සිටින අපේක්ෂකයින් සහ දෙමළ සන්ධානයේ නායකයින් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වෙනවා. යාපනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේ අරමුණ වී ඇත්තේ පළාත් සභාවේ අමාත්‍ය ධුර හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. දෙමළ ජාතික සන්ධානය පක්ෂ 04 කින් සමන්විත අතර, පළාත් සභාවේ අමාත්‍ය ධුර 04 එම පක්ෂ අතර සමාන ලෙස බෙදා ගැනීමට එම සන්ධානය මීට පෙර තීරණය කර තිබුණා. කෙසේ වෙතත්, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය තමන්ට අමාත්‍ය ධුර දෙකක් අවශ්‍ය බවට යෝජනාවක් සිදුකර තිබෙනවා. මේ අනුව ප්ලොට් නායක ධර්මලිංගම් සිද්ධාර්තන්ට පළාත් සභාවේ සභාපති ධුරය ලබාදීමට සාකච්ඡා කර ඇති නමුත්, ඔහු ඊට කැමැත්ත පළ කර නොමැති බවයි දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග කියා සිටියේ. කෙසේ වෙතත්, අද පැවැත්වෙන සාකච්ඡාවේදී අමාත්‍ය ධුර හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට පැමිණීමට හැකිවනු ඇතැයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories