වීඩියෝ:මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සියයට 70 ක් සමත්.

Wednesday, 02 October 2013 - 15:06

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B6%BB+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+70+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A.


 

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් සිසුන් සියයට 70 ක් පමණ සමත්ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටි සිසුන්
තුන්ලක්ෂ 22 455 දෙනෙකුගෙන් දෙලක්ෂ 23 908 දෙනෙකු විභාගයෙන් සමත්වී ඇති බවයි. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යාධාර ලබාදීමේ කඩඉම් ලකුණු සීමාව 160 බවද  අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. වැඩිම සිසුන් සංඛ්‍යාවක් ශිෂ්‍යත්ව විභාගය සමත්වී ඇත්තේ වයඹ පළාතෙන්.  එහි ප්‍රතිශතය සියයට 75 ක් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories