මාවනැල්ල - බෙලිගම්මන - පොත්ගුල් පුරාණ විහාරස්ථානයේ තැන්පත් කර තිබූ පෞරාණික බුදු පිළිම 25 ක් සහ ධාතු කරඬු 3 ක් කිසියම් පිරිසක් විසින් සොරකම් කර තිබෙනවා. මාවනැල්ල පොලිසිය සඳහන් කළේ විහාරස්ථානයට ඊයේ (30) රාත්‍රියේ කිසියම් පිරිසක් පැමිණ මෙම බුදු පිළිම සොරකම සිදුකර ඇති බවයි. පොත්ගුල් විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිලියේ ගුණරතන හිමියන් හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ පෞරාණික වටිනාකමකින් යුත් රන් ආලේපිත සහ කිරිගරු`ඩ බුදු පිළිම මෙලෙස සොරකම් කර ඇති බවයි. අද අලූයම විහාරස්ථානයේ බුදුපිළිම තැන්පත් කර තිබූ කුටිය විවෘත කරන අවස්ථාවේදී මේ පිළිබදව දැන ගත් බවයි උන්වහන්සේ කියා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ බුදු පිළිම වහන්සේ සොරකම් කිරීමට පැමිණි පුද්ගලයන් වාහනයක් යොදා ගනිමින් මෙම සොරකම සිදුකර ඇති බවයි. පොලිස් සුනඛයන් යොදා ගනිමින් විහාරස්ථාන භූමියේ පරීක්ෂණ මෙහෙයවන බව ද මාවනැල්ල පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළා. සොරකම් කරන ලද බුදු පිළිමවල වටිනාකම මෙතෙක් තහවුරු කරගෙන නැහැ.
Follow US
Most Viewed Stories