දයාසිරි, සරත් හෙට දිවුරුම් දෙයි ? අද රාත්‍රියේ සාකච්ඡාවක්.

Wednesday, 02 October 2013 - 19:29

%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%2C+%E0%B7%83%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A.



වයඹ සහ මධ්‍යම පළාත් සභාවල මහ ඇමතිවරුන්, නව අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ හෙට පෙරවරුවේ දිවුරුම් දෙනවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. මේ අනුව වයඹ පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර දිවුරුම් දෙනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.   

මධ්‍යම පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක දිවුරුම් දෙනු ඇති බවද රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ වයඹ සහ මධ්‍යම පළාත් සභාවල මහ ඇමතිවරුන් සහ නව අමාත්‍යවරුන් පිළිබඳ අද රාත්‍රියේ පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණය ගන්නා බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories