UPDATE : වයඹ සහ මධ්‍යම මහ ඇමතිවරුන් සහ නව ඇමතිවරු දිවුරුම් දෙයි.

Thursday, 03 October 2013 - 7:41

UPDATE+%3A+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


වයඹ සහ මධ්‍යම පළාත් සභාවල මහ ඇමතිවරුන් සහ නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. ඒ අනුව වයඹ පළාත් මහ ඇමතිවරයා ලෙස දයාසිරි ජයසේකරත්, මධ්‍යම පළාත් මහ ඇමතිවරයා ලෙස සරත් ඒකනායකත් දිවුරුම් දී තිබෙනවා.

 

දයාසිරි ජයසේකරට ප්‍රධාන අමාත්‍ය ධුරයට අමතරව මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත්, අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, ඉඩම්, පරිසර, සංචාරක ආයෝජන සම්බන්ධීකරණ, සමූපකාර සංවර්ධන හා ආහාර සැපයුම් හා බෙදාහැරීමේ අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනවා. ඊට අමතරව වයඹ පළාතේ හිටපු අමාත්‍යවරයෙකු වූ කේ. සනත් නිශාන්ත පෙරේරා මෙවර කෘෂිකර්ම, ධීවර, සත්ව නිෂ්පාදන සහ සංවර්ධන, සුළු වාරිමාර්ග සහ ගොවිජන සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

 

පළාත් මාර්ග සංවර්ධන ප්‍රවාහන, විදුලිබල සහ නිවාස මෙන්ම ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ගුණදාස දෙහිගමයි. වයඹ පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස එච්.එම්. ධර්මසිරි බණ්ඩාර හේරත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නා. මීට පෙර පළාත් සභාවේද මොවුන් දෙදෙනාම අමාත්‍යවරුන් ලෙස කටයුතු කළා.



මධ්‍යම පළාත් මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දුන් සරත් ඒකනායක මුදල් හා ක්‍රම සම්පාදන, නීතිය හා සාමය, පළාත් පාලන හා පළාත් පරිපාලන, මානව සම්පත් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු, සංචාරක, ඉඩම්, වෙළඳ හා වානිජ, ආහාර සැපයුම් හා බෙදාහැරීමේ කටයුතු සහ ආයෝජන සම්බන්ධීකරණ, වෙනත් අමාත්‍යාංශයක් යටතේ නොගැනෙන විෂයයන් සම්බන්ධයෙන් යන විෂය භාර අමාත්‍යවරයා ලෙසද කටයුතු කරනු ඇති.

 

මධ්‍යම පළාත් සෞඛ්‍ය දේශීය වෛද්‍ය සමාජ සුබසාධන සහ පරිවාස හා ළමාරක්ෂණ සේවා අමාත්‍යවරයා ලෙස ඞී.එස්. බණ්ඩාර යාලේගම අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. රාමසාමි මුත්තයියා දිවුරුම් දෙනු ලැබුවේ මධ්‍යම පළාත් කෘෂිකර්ම, සුළු වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සංවර්ධන, ගොවිජන සංවර්ධන, ධීවර, පරිසර කටයුතු, හින්දු සංස්කෘතික කටයුතු සහ වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා ලෙසයි. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස එදිරිවීර වීරවර්ධන පත්වුණා. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙසයි.

 

කෙසේ වෙතත් පසුගිය මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සුනිල් අමරතුංගට මෙවර අමාත්‍ය ධුරයක් හිමිවී නැහැ.

නවතම යාවත්කාලීන කිරීම - 2013 ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා-  01:13

-------------------------------------------

මීට පෙර පුවත - 2013 ඔක්තෝබර් 03 බ්‍රහස්පතින්දා- පෙරවරු 07:41

වයඹ සහ මධ්‍යම මහ ඇමතිවරුන් දිවුරුම් දීම අද. 

වයඹ සහ මධ්‍යම පළාත් සභාවල මහඇමතිවරුන් අද (03) පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ එම දිවුරුම්දීම පෙරවරු 11.30 ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බවයි. ඒ අනුව වයඹ පළාතේ මහ ඇමතිවරයා ලෙස දයාසිරි ජයසේකර පත්වීමට නියමිතව ඇති අතර, මධ්‍යම පළාත් මහ ඇමතිවරයා ලෙස හිටපු මහ ඇමති සරත් ඒකනායක පත්කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා. නව මහ ඇමතිවරුන් පත්කිරීම සහ දිවුරුම් දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. එහිදී පළාත් අමාත්‍ය ධුර පිරිනමන ආකාරය පිළිබඳවද සාකච්ඡා වී තිබෙනවා.

පසුගියදා පැවති මැතිවරණයේදී දයාසිරි ජයසේකර මනාප තුන්ලක්ෂ 36 327 ලබාගනිමින් සන්ධානයෙන් වයඹ පළාතේ පළමු තැනට පත්වුණා. මධ්‍යම පළාතේ වැඩිම මනාප හිමිකරගනු ලැබුවේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්නයි. ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව එක්ලක්ෂ 76 044 ක්. එහි දෙවන තැනට හිටපු මහ ඇමති සරත් ඒකනායක පත්වුණා. ඒ අනුව ඔහු ලබාගත් මනාප සංඛ්‍යාව 70 171 ක්. මේ අනුව මධ්‍යම පළාතේ මහ ඇමතිවරයා කවුරුන්ද යන්න පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක ඇතිවුණා.
මේ අතර පසුගියදා අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ සන්ධානය ජයගත් වයඹ සහ මධ්‍යම පලාත් සභාවේ මහඇමතිවරුන් පත් කිරීමේදී වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයන්ට මහඇමති ධුරය පිරිනැමීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ගෙන ඇති තීරණයේ වෙනසක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories