13 ගැන ඉන්දියාවේ ස්ථාවරය ලක් රජය දන්නවා. ඉන්දීය අගමැති.

Thursday, 03 October 2013 - 13:24

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉන්දියාව දරණ ස්ථාවරය පිළිබඳව ලක් රජය දැනුවත් බව ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං පවසනවා. ජගත් සංවිධාන සැසිවාරයට සහභාගි වී නිව්යෝක් නුවර සිට නවදිල්ලි නුවර බලා ගුවන් යානයෙන් පැමිණෙන අවස්ථාවේ මාධ්‍යවේදීන් සමග පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ තම රජය දරන ස්ථාවරය ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම්දී ඇති බවත් ඒ පිළිබඳ දෙරටේ රාජ තාන්ත්‍රිකයන් අතර අවස්ථා කිහිපයක සාකච්ඡා පැවැත්වුණු බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිහිපත් කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදි මාධ්‍යවේදියෙකු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ නිව්යෝක් නුවරදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් නොපැවැත්වුණේ ඇයිද යන්නයි.

 

එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමා මුණගැසීමට බලාපොරොත්තුවෙන් සිටියද ඒ සඳහා දින යොදාගැනීමට ගැටළුවක් පැන නැගුනු බවයි. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා තමන් මුණ ගැසීමට සැප්තැම්බර් 24 වැනි දින යොදාගෙන තිබුණද තමන් නිව්යෝක් නුවරට පැමිණියේ සැප්තැම්බර් 27 වැනිදා බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අවධාරණය කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories