UPDATE : වීඩියෝ: උතුර ඇමතිවරු ගැන ටී.එන්.ඒ. සාකච්ඡා අදත් එකඟතාවයක් නෑ.

Friday, 04 October 2013 - 9:51

UPDATE+%3A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B1%E0%B7%8A.%E0%B6%92.+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%91.

උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් අතර අද (05) පස්වරුවේ පැවති සාකච්ඡාවද අවසන් එකඟතාවකින් තොරව නිමාවට පත්ව තිබෙනවා. එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටියේ පිහිටි පක්ෂ කාර්යාලයේ මෙම සාකච්ඡාව පැවැත්වුණා. දෙමළ ජාතික සන්ධාන ආරංචි මාර්ග සඳහන් කළේ අමාත්‍ය ධුර සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ දිවුරුම්දීමෙන් පසුව සිදුකිරීමටයි. ලබන සඳුඳා අරලියගහ මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ සී.වී.විග්නේෂ්වරන් උතුර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතව තිබෙනවා.

යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 08:02

----------------------------------------------------------------------------------

වීඩියෝ: උතුරේ ඇමති ධුර නිසා දෙමළ සන්ධානයේ අභ්‍යන්තර අර්බුද.

උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර ලබාදීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය තුළ මේ වන විට මතභේදකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. එම පක්ෂය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ නායක වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්ලවම් අඩෙයික්කලනාදන් ටෙලෝ නායකත්වයෙන් ද මේ වන විට ඉල්ලා අස්වීමට සූදානම්. ඔහු ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාත් සභා මැතිවරණය ජය ගැනීමෙන් පසු වන්නි දිස්ත්‍රික්කයට අමාත්‍ය ධුරයක් ලබා ගන්නා බවට තමන් මැතිවරණ සමයේ සදහන් කළ බවයි. එහෙත් දැනට පවතින තත්ත්වය යටතේ එය යාපනය දිස්ත්‍රික්කයේ එම්.කේ. සිවාජිලිංගම්ට ලබාදීමට දෙමළ සන්ධානය තීරණය කර ඇති බව ඔහුගේ අදහසයි. එම නිසා වන්නි ජනතාවට සේවය කළ නොහැකි බැවින් තමා ටෙලෝ නායකත්වයෙන් ඉල්ලා අස්වන බවයි සෙල්වම් අඩෙයික්කලනාදන් මන්ත්‍රීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
 

 
කෙසේ වෙතත්, උතුරු පළාතේ අමාත්‍ය ධුර පත් කිරීම සම්බන්ධයෙන් දෙමළ සන්ධානය නියෝජනය කරන පක්ෂ නියෝජිතයන් අතර, අද (05) පස්වරුවේ ද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා.


යාවත්කාලීන කිරීම 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා- පස්වරු 12:49

----------------------------------------------------------------------------------

ඇමතිවරුන් තෝරන්න දෙමළ සන්ධානය අදත් රැස්වේ.

පෙර පුවත 2013 ඔක්තෝබර් 05 සෙනසුරාදා - පෙරවරු 7:39


උතුරු පළාත් සභාවේ ඇමතිවරුන් පත් කිරීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය අදත් රැස්වනවා. ඊට අදාළව ඊයේ (04) පැවැති සාකච්ඡාවේදී ඔවුන් අවසන් එකඟතාවකට පැමිණියේ නැහැ.

 

දෙමළ සන්ධානය යටතේ පවතින ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධානීන්ට මීට පෙර දැනුම් දී තිබුණේ අමාත්‍ය ධුර සඳහා සුදුසු පුද්ගලයින් නම් කරන ලෙසයි. ඒ අනුව ඊයේ (04) දිනයේදී ටෙලෝ සංවිධානය එම්.කේ. සිවාජිලිංගම්ගේ නම ද ප්ලොට් සංවිධානය ධර්මලිංගම් සිද්ධාර්තන්ගේ නම ද යෝජනා කර තිබුණා. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය නම් යෝජනා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ ලබාදෙන අමාත්‍ය ධුර කුමක්දැයි යන්න ප්‍රකාශ කර නොතිබීම හේතුවෙන්. තමිල් අරසු පක්ෂය නම් දෙකක් යෝජනා කර තිබෙනවා.

 
කෙසේ වෙතත්, දෙමළ සන්ධානය ජය ගත් උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වූ සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අනිද්දා දිවුරුම් දීමට නියමිතයි.       

----------------------------------------------------------------------------------------

විග්නේෂ්වරන්ගේ දිවුරුම්දීමත් ජනපති ඉදිරියේ.

දෙමළ සන්ධානය ජය ගත් උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වූ සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට තීරණය කර තිබෙනවා. අද (04) උදෑසන කොළඹ පැවති එම පක්ෂයේ විශේෂ  සාකච්ඡාවේදී මේ පිළිබදව අවසන් තීරණයට එළඹි බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ. දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මෙම සාකච්ඡාවට පෙර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී මුණ ගැසුණා. එහිදී උතුරේ මහඇමතිවරයා දිවුරුම්දීම සම්බන්ධයෙන් ද කරුණු හුවමාරු වී තිබෙනවා. එම සාකච්ඡාව අවසන්වීමෙන් අනතුරුව ආර්. සම්බන්ධන් මන්ත්‍රීවරයා, දෙමළ සන්ධානයේ පක්ෂ මූලස්ථානය වෙත පැමිණියේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵල දැනුම් දීම සඳහායි. උතුරේ මහඇමති ලෙස තේරී පත්වූ සී.වී. විග්නේෂ්වරන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට තීරණය කර ඇති බවට දෙමළ සන්ධාන නායකයා සාකච්ඡාවට එක්ව සිටි සන්ධානයේ අනෙකුත් පක්ෂ නායකයින් වෙත දැනුම් දී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය, පක්ෂ 4කින් සමන්විත වන අතර, සම්බන්ධන් නායකත්වය දරණ තමිල්අරසු පක්ෂයට අමතරව ටෙලෝ, ප්ලොට් සහ ඊ.පී.ආර්.එල්.එෆ්, යන පක්ෂ ඊට අයත්. කෙසේ වෙතත්, දෙමළ සන්ධාන නායකයාගේ එම ප්‍රකාශයට අනෙකුත් පක්ෂ නායකයන්ගෙන් දැඩි විරෝධය පළ වූ බවයි සාකච්ඡාවට සහභාගි වූ දෙමළ සන්ධානයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.  

පසුව දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇති අතර, ඔහු ප්‍රකාශ කර ඇත්තේ උතුරු පළාත් සභාවේ කටයුතු සිදුකරගෙන යාම සඳහා ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවයි. එමෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ සහාය ද අවශ්‍ය බව දෙමළ සන්ධාන නායකයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, උතුරු පළාත් සභාවේ අමාත්‍ය ධුර හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් අද  (04) පැවැති සාකච්ඡාවේදී අවසන් එකඟතාවකට පැමිණීමට හැකිවී නැහැ. කෙසේ නමුත් ලබන 11 වන දා අමාත්‍යවරුන්, පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් ඉදිරියේ දිවුරුම්දීමට මෙහිදී තීරණය වී තිබෙනවා. අමාත්‍ය ධුර හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ සන්ධානයේ නායකයින් අවස්ථා කිහිපයකදී මීට පෙර රැස්වූ නමුත් එම සාකච්ඡා ද අවසන් වූයේ එකඟතාවකින් තොරවයි. දෙමළ සන්ධානය යටතේ පවතින ප්ලොට්, ඊ.පී.ආර්.එල්.එෆ්., ටෙලෝ සහ ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රධානීන්ට මීට පෙර දැනුම් දී තිබුණේ අමාත්‍ය ධුර සඳහා සුදුසු පුද්ගලයින් නම් කරන ලෙසයි. ඒ අනුව අද (04) දිනයේදී ටෙලෝ සංවිධානය එම්.කේ. සිවාජිලිංගම්ගේ නම ද ප්ලොට් සංවිධානය ධර්මලිංගම් සිද්ධාර්තන්ගේ නම ද යෝජනා කර තිබුණා. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය නම් යෝජනා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණේ ලබාදෙන අමාත්‍ය ධුර කුමක්දැයි යන්න ප්‍රකාශ කර නොතිබීම හේතුවෙන්. තමිල් අරසු පක්ෂය නම් දෙකක් යෝජනා කර තිබෙනවා. මේ අනුව යළිත් හෙට දිනයේ දී මේ පිළිබදව සාකච්ඡා කිරීමට දෙමළ සන්ධානයේ නායකයින් රැස්වීමට නියමිත බවයි එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

දෙමළ සන්ධාන නායකයා සහ ජනාධිපතිවරයා අතර සිදුවූ හමුව පිළිබද මෙන්ම අද  (04) පැවති සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් අප එම සන්ධානය නියෝජනය කරන ටෙලෝ සංවිධානයේ සාමාජික එම්.කේ. සිවාජිලිංගම්ගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තම පක්ෂයේ මතය අනුව දෙමළ ආගමික නායකයන් ඉදිරියේ මහඇමතිවරයා දිවුරුම් දිය යුතු බවයි. එසේ නොමැතිව දිවුරුම් දීමට ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 04 සිකුරාදා- පස්වරු 7:14

--------------------------------------------------------------------

විග්නේෂ්වරන් ජනපති ඉදිරියේ දිවුරුම් දීමට තීරණය කරයි.

දෙමළ ජාතික සන්ධානයෙන් උතුරු පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස තේරී පත්වූ සී.වී. විග්නේෂ්වරන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට තීරණය කර තිබෙනවා. අද උදෑසන කොළඹ පැවති දෙමළ සන්ධානයේ විශේෂ  සාකච්ඡාවේදී මේ පිළිබදව අවසන් තීරණයට එළඹි බවයි එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ. මේ අනුව ලබන සඳුදා පෙරවරුවේදී සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාතේ මහ ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අරලියගහ මන්දිරයේදි දිවුරුම් දීමට නියමිතයි.

පෙර පුවත 2013 ඔක්තෝබර් 04 සිකුරාදා- පස්වරු 1:58

--------------------------------------------------------------------

දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුන් යළි සාකච්ඡාවක.

උතුරු පළාත් සභාවට තේරී පත්වූ දෙමළ ජාතික සන්ධාන මහ ඇමතිවරයා දිවුරුම්දීම ඇතුලූ පළාත් අමාත්‍යවරුන් නම් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට කොළඹදී විශේෂ සාකච්ඡාවක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පක්ෂවල ප්‍රධානීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටින බව සඳහන්. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙරේදා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් රැස්වූ අතර එය අවසන් වූයේ තීරණයකින් තොරවයි.

 

දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අද (04) උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද මුණගැසුණා. ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක පැවසුවේ ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ බවයි. උතුරු පළාත් සභාවේ මහ ඇමති අපේක්ෂකයා සහ අනෙකුත් අමාත්‍යවරුන් දිවුරුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ බව දෙමළ සන්ධානය ප්‍රකාශ කළා.

පෙර පුවත 2013 ඔක්තෝබර් 04 සිකුරාදා- පස්වරු 12:55

------------------------------------------------------------

සම්බන්ධන් ජනපති හමුවෙයි.

දෙමළ සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් අද උදෑසන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී තිබෙනවා. ජනාධිපති ප්‍රකාශක මොහාන් සමරනායක පැවසුවේ ජනාධිපති මන්දිරයේදී මෙම හමුව සිදුවූ බවයි. උතුරු පළාත් සභාව සඳහා තේරී පත්වූ දෙමළ සන්ධානයේ මහ ඇමති අපේක්ෂක සී.වී. විග්නේෂ්වරන් දිවුරුම් දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ වූ බව දෙමළ සන්ධානය ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories