වික්ටෝරියා රැජිනගේ පිළිරුව යළි කළඑළි බසී.

Friday, 04 October 2013 - 12:46

%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B7%9D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%85%E0%B6%91%E0%B7%85%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B7%93.

මීට සත් වසරකට පෙර කොළඹ - කොටුව ජනාධිපති මන්දිරය ආසන්නයෙන් ඉවත් කෙරුණු වික්ටෝරියා රැජිනගේ පිළිරුවට නව කළඑළියක් ලබාදීමට කටයුතු කෙරෙනවා. බී.බී.සී. ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් කිරුළ හෙබවූ වික්ටෝරියා රැජිනගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් 1897 වසරේ මෙම පිළිරුව ඉදි කෙරුණු බවයි. එවකට ආණ්ඩුකාර ජනරාල්වරයාගේ නිවහන ලෙස සැළකුණු ජනාධිපති මන්දිරය ආසන්නයේ එය ස්ථාපිත කෙරුණා. කෙසේ නමුත් පිළිරුව ඉවත් කිරීමෙන් පසු ජාතික කෞතුකාගාරයේ පිටුපස පිවිසුම අසල එය ස්ථාපිත කර තිබූ බවයි වාර්තාවන්නේ. එහෙත් පිළිසකර කිරීමෙන් පසු වික්ටෝරියා රැජිනගේ පිළිරුව විහාරමහා දේවි උද්‍යානයට මුහුණලා ස්ථාපිත කිරීමට පියවර ගැනෙන බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කළා. 1958 වසරේ විහාර මහා දේවී උද්‍යානය ලෙස නැවත නම් කිරීමට පෙර එය හැඳින්වූයේ වික්ටෝරියා උද්‍යානය ලෙසයි.

 
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට අදාළවයි පිළිරුව පිළිසකර කෙරෙන්නේ. ඒ සඳහා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයෙන් ඉල්ලීමක්ද ඉදිරිපත්ව තිබූ බව කොළඹ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ටයිටස් පෙරේරා කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories