නෙළුව ජාතික පාසලේ සාමාන්‍ය පෙළ සිසුන්ට පන්ති තහනමක්.

Friday, 04 October 2013 - 12:52

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.


නෙළුව ජාතික පාසලේ විදුහල්පතිවරයා විසින් සාමාන්‍ය පෙළ සිසුන්ගේ පන්ති තහනම් කර ඇති බවට සිසුන් හා දෙමව්පියන් චෝදනා කරනවා. ඊයේ පාසලේ පැවති සම්මන්ත්‍රණයකදී සිසුවෙකු අසුනකින් ඇද වැටී තිබෙනවා. එම අවස්ථාවේදි අනෙකුත් සිසුන් ඔහුට උසුලූ විසුලූ කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් සාමාන්‍ය පෙළ  සියලූම සිසුන්ට මෙම පන්ති තහනම විදුහල්පතිවරයා විසින් ලබාදී ඇති බවට එම සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් චෝදනා කළා.

 

අදාළ පන්ති තහනම පිළිබඳව දැනගැනීම සඳහා නෙළුව ජාතික පාසලේ විදුහල්පතිවරයා දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගැනීමට හිරු ප්‍රවෘත්ති අංශය කිහිපවතාවක්ම උත්සාහ කළද එය අසාර්ථක වුණා.  

 
මෙම සිදුවීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ අබේසිරි නල්ලපෙරුමගෙන් ද විමසීමක් කළා. ඔහු සඳහන් කළේ මෙම සිදුවීම පිළිබඳව තමන් අවධානය යොමුකළ අතර සාමාන්‍ය පෙළ සිසුන්ගේ අධ්‍යයන කටයුතු වහාම ආරම්භ කරන ලෙස විදුහල්පතිවරයාට උපදෙස් ලබාදුන් බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories