වීඩියෝ: පුත්තලමෙන් හමුවූ ඡන්ද මළුවල පත්‍රිකා 6464ක්.

Friday, 04 October 2013 - 18:59

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B8%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+6464%E0%B6%9A%E0%B7%8A.

පුත්තලම ශාන්ත ඇන්ඩෘ මහ විද්‍යාලයේ පෝර මළුවල තිබී හමුවූ ඡන්ද පත්‍රිකා අද (04) යළිත් වරක් ගණනය කිරීම සිදුවුණා. අධිකරණ නියෝගයකට අනුව මෙම ඡන්ද පත්‍රිකා ගණන් කිරීම සිදුවුණේ පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේයි. අද පස්වරු 2ට ඡන්ද පත්‍රිකා ගණන් කිරීම ආරම්භ කෙරුණු අතර එය අවසන් වුණේ පස්වරු 5.30ට පමණයි. එහිදී ඡන්දදායකයින් ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද පත්‍රිකා 6464ක් තිබූ බවට හෙළි වුණා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවේ මෙම සියලූ පත්‍රිකා ගණන් කළ ඡන්ද බව අද (04) සනාථ වූ බවයි. මෙම ඡන්ද පත්‍රිකාවලින් කොටසක් පාසල් ළමයින් රැගෙන ගොස් බව ද අනාවරණ වී තිබෙනවා. ඉන් 25ක් පමණ නැවත ලැබී ඇතත් 250ක් පමණ ආපසු ලැබී නැහැ.

 
පසුගිය 24 වැනිදා ශාන්ත ඇන්ඩෘ මහ විද්‍යාලයෙන් සොයාගත් මෙම ඡන්ද මළුවල අඩංගු ඡන්ද පත්‍රිකා ප්‍රමාණය ගණනය කිරීම සිදුකරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක නියෝගයක් නිකුත් කළේ ඊයේ දිනයේදියි. එහිදී මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ මෙම අවස්ථාවට එම මළු මුද්‍රා තබන අවස්ථාවේ අත්සන් තැබූ අපේක්ෂකයින් 12 දෙනා අනිවාර්යයෙන් සහභාගි විය යුතු බවයි. එමෙන්ම පුත්තලම පොලීසියේ විමර්ශන නිලධාරීන්ද මැතිවරණ රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ද එම අවස්ථාවට සහභාගි විය යුතු බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. ඔවුන් සියලූ දෙනා නියමිත පරිදි ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවට පැමිණ සිටි බව හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories