වීඩියෝ: මහඇමති තීරණ ගැන අනුරාධ ජයරත්නගෙන් ප්‍රතිචාර.

Friday, 04 October 2013 - 19:04

%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%3A+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%A2%E0%B6%BA%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB.

මධ්‍යම සහ වයඹ පළාත් සභාවල නව මහඇමතිවරුන් ඊයේ පත් කිරීමෙන් අනතුරුව අද (04) එක්සත් ජනතා නිදහස් සන්ධානය මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා. කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති එම මාධ්‍ය හමුවේදී උතුරේ ඉඩම් හා පොලිස් බලතල සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා. එහිදී සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ ඉදිරියේදී පොලිස්, ඉඩම් බලතල ගැටළුව මතු නොවනු ඇති බවයි. ඉඩම් බලතල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි තීන්දුවක් ලබාදී ඇති බවත්, පොලිස් බලතල සම්බන්ධයෙන් 18 වන සංශෝධනයට අනුව ක්‍රියා කරන බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.                      

මේ අතර, මධ්‍යම පළාතෙන් වැඩිම මනාප ලබාගත් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්නට මහඇමති ධුරය හිමි නොවුණු නිසා ගම්පොළ සහ මහනුවර දී විරෝධතා පෙළපාලි පැවති බවට වාර්තා පළව තිබුණා. එම විරෝධතාවලට අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ පුතු සහභාගි වූ බවටයි ඒවායේ සදහන් වුණේ. ඒ පිළිබදව මාධ්‍යවේදීන් මෙම මාධ්‍ය හමුවේදී කරුණු විමසූ අතර ඊට පිළිතුරු දුන්නේ අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්නයි. තමාට අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබදව කළ පැහැදිලි කිරීම අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ. සෙනෙවිරත්න ප්‍රකාශ කළ අතර, ස්ථාන කිහිපයක පිළි ගැනීමේ උත්සව පැවැති බවත්, ඒවා විරෝධතා නොවන බවත් අමාත්‍යවරයාට අනුව අගමැතිවරයා සදහන් කර තිබෙනවා.

මේ අතර, ගම්පොළ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාගේ සහ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණය සියලූ දෙනා පිළිගන්නා බවයි. එම තීරණ සමස්ත පක්ෂයේම ඒකමතික තීරණය බව ද ඔහු කියා සිටියා.                                                       

අද පැවැති මාධ්‍ය හමුවේදී සන්ධාන මහලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද අනුරාධ ජයරත්න සහ ජොහාන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අදහස් පළ කළා. අමාත්‍යවරයා සදහන් කළේ ඔවුන් දෙදෙනා කිසිඳු අවස්ථාවක පළාත් සභාවේ ඇමති ධුරයක් හෝ ඉල්ලූම් නොකළ බවයි.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories